Monday 4th of May 2026

English Tamil
Advertiesment


කලාකාරයෝ ආරක්ෂාවෙන් ජරාව "කාලා"


2017-11-13 14855

(සුමුදු පෙරේරා )

ප්‍රවීණ කලාකරුවන් පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයෙන්  මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද රැසක් අයථා ලෙස ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ මුල්‍ය අපරාධ කොට්ඪශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ 2006 සිට 2015 දක්වාම මේ මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද ලබාදී තිබෙන්නේ ප්‍රවීණ කලාකරුවන් වන සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,අර්ජුන කමලනාත්,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා,ක්‍රිෂාන් එරන්ද  සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසකටය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් ඇතුළු විවිධ නිලතලවලට අනුයුක්ත වෙමින්  මේ කලාකරුවන් මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්,රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටීමේ එකඟතාවය මතය. මේ සම්බන්ධයෙන් මේ කලාකරුවන් හෙට අනිද්දාම “එෆ්,සී ,අයි,ඩී”ය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත වන අතර මේ කලාකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇතුළු දේපොළ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ  කර තිබේ. මේ අතර අර්ජුන කමලනාත් මහතා සිය බිරිය වන අමීෂා පෙරේරාගේ නමින් මීට සති කිහිපයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි පහකට පමණ අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලදී ගැනීම සහ රුපියල් කෝටි 20ක් පමණ වැය කර රජ ඝෝෂ,කුසල් සහ කිඩ්නැප් ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කිරීම පිළිබඳවද “එෆ්,සී,අයි,ඩී”යේ අවදානය යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට කළු සල්ලි යොදවා එම කළු සල්ලි සුදු කර ගැනීමේ (money laundering) ජාවාරමක් පිළබඳ තොරතුරුද “එෆ්,සී,අයි,ඩී”ය මේ වන විට හෙළි කර ගනිමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.  
Advertiesment